Loading...

රටවල් දෙකක ලෝක කුසලානය ඉරණම විසඳන තීරණාත්මක තරඟයක් අද

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරඟය අද (28) පාකිස්ථානයට එරෙහිව පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතයි.

අද (28) රාත්‍රී 7ට මෙම තරඟය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එංගලන්තය හමුවේ ඊයේ (27) පැවැති තරඟයෙන් නවසීලන්ත කණ්ඩායම පරාජය වීම හේතුවෙන් දෙවන කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණය වීමට මෙම තරඟය අතිශය තීරණාත්මක වනු ඇති.

නැති වූ ගෞරවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) තරඟයට පිටියට පිවිසිය ද මෙම තරඟයේ ප්‍රතිඵලය මත පාකිස්ථානයේ හෝ නවසීලන්තයේ මෙවර ලෝක කුසලානයේ ඉදිරි ගමන තීරණය වනවා.

ප්‍රසාද ලකුණු සටහනේ දැනට පවතින තත්ත්වය මත දෙවන ස්ථානයේ පසුවන නවසීලන්තය අවසන් පුර්ව වටයට යාමේ බලාපොරොත්තුවෙන් සිටිනවා.

මේ අනුව නවසීලන්තය ඉක්මවා පාකිස්ථානයට අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් අද (28) ඔවුන් පළමුව පන්දුවට පහරදුන හොත් ශ්‍රී ලංකාවට එරෙහිව අවම ලකුණු 64ක් ජයක් වාර්තා කළ යුතු වනවා.

එසේ නොමැතිව දෙවන වරට පන්දුවට පහර දුනහොත් ශ්‍රී ලංකාව ලබාදෙන ඉලක්කය අවම පන්දුවාර 13යි පන්දු 1කදී හඹා යා යුතු වනවා.

මේ අනුව පාකිස්ථානයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුවහොත් අවසන් පූර්ව තරඟය ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනවා.

එසේ නොමැති වුවහොත් අද (28) තරඟය මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන අවසන් තරඟය වනවා.

ශ්‍රී ලංකාව පාකිස්ථාන විස්සයි විස්ස තරඟ ඉතිහාසයට වසර 19ක් පවත්වා තිබෙනවා.

මෙහිදී දෙරට අතර තරඟ 29ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 12ක් ශ්‍රී ලංකාව ජයගෙන ගැනීමට සමත්ව ඇත.

පාකිස්ථානය තරඟ 17ක් ජයගෙන තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *