Loading...

ශ්‍රී ලංකාවේ නිල සංචිතවල වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය ගෙවී ගිය 2024 ජුලි මසදී ඉතා සුළු ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා.

මේ බව දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලයි.

ඒ අනුව 2024 ජුනි මසදී එක්සත් ජනපද ඩොලර් මිලියන 5654ක් ලෙස සටහන් වූ නිල සංචිත වත්කම් වටිනාකම 2024 ජුලි මසදී ඩොලර් මිලියන 5649ක් දක්වා 0.1%කින් අඩු වී තිබෙනවා.

නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංචාරක වන විදේශ විනිමය සංචිත පසුගිය ජුලි මස අවසානයේ දී ඩොලර් මිලියන 5574ක් ලෙසින් සටහන්ව ඇති බව සඳහන්.

එය 2024 ජුනි මසදී වාර්තා වී ඇති ඩොලර් මිලියන 5605ට වඩා 0.6%ක අඩුවීමකි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතය පසුගිය ජුලි මස තුළදී ඩොලර් මිලියන 35 සිට ඩොලර් මිලියන 37ක් දක්වා 5.2%කින් ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිත කිරීමේදී කොන්දේසිවලට යටත් වන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *