Loading...

මහින්දට එරෙහි විශ්වාසභංගය දා පාර්ලිමේන්තුවේ පිල් මාරුවක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා ඉහළ පෙලේ දේශපාලන මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

විපක්ෂය ද එය පරාජය කිරීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීමට සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වනවා.

මීට අදාළ සාකච්ඡා වට ආණ්ඩුවේ සහ විපක්ෂයේ මුල් පෙලේ දේශපාලනඥයන් සිව් දෙනෙක්ගේ නිවෙස්වල පවත්වා තිබෙනවා.

මෙහිදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ඡන්දය විමසීම සිදු වනදා විරුද්ධ පාර්ශවයෙන් මන්ත්‍රීවරුන් තම පාර්ශවයට කැඳවා ගැනීමයි.

මේ අතර ඡන්ද විමසීමේ දී මන්ත්‍රීවරුන් ගණනාවක් ඡන්දය දීමෙන් වැලකී සිටීමටද තීරණය කර ඇති බවද වාර්තා වනවා.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධ ප්‍රතිඵලය තමාට වාසිදායක ආකාරයට ලබා ගැනීමට හැකියාවක් ඇති වුවහොත් ඉදිරි ඡන්දවලදී එය ප්‍රචාරක මෙවලමක් ලෙසද පාවිච්චි කළ හැකි බව දෙපාර්ශවයේම නායකයන් සිය මන්ත්‍රී කණ්ඩායම් වෙත පෙන්වා දී තිබෙනවා.

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 දිනවල විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *