Loading...

අදානි සමාගමේ ව්‍යාපෘති දෙකකට උපයෝගීතා කොමිසමේ අනුමැතිය නෑ

මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට නියමිත මෙගාවොට් 480ක සුළං විදුලි බලාගාර ඉන්දියාවේ අදානි සමාගමට ප්‍රදානය කිරීමට අනුමැතිය දීම අත්හිටුවා ඇති බවට මහජන උපයෝගීතා කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා.

අදාළ ව්‍යාපෘතියේ විදුලි මිලදී ගැනීම සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලය සහ අදානි සමාගම අතර ගිවිසුමේ මුලික තොරතුරු දෙන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දුන්නද එම තොරතුරු නොලැබුණු බවද සඳහන් වනවා.

මෙහිදී කොමිසම පෙන්වා දී ඇත්තේ එම තොරතුරු නොමැතිව එම ව්‍යාපෘති සම්බන්ධව අධ්‍යනය කළ නොහැකි බවයි.

එම තොරතුරු නොමැතිව විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇති පරිදි විදුලිබල පනත යටතේ මන්නාරම සහ පුනරීන් සුළං විදුලි බලාගාරවලට අනුමැතිය දිය නොහැකි බවද මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *