2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්ව සිටින රනිල් වික්රමසිංහ මහතාට ලබාදී ඇති ඡන්ද සලකුණ පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
“ජන අරගලයේ පුරවැසියෝ” නම් සංවිධානය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.
එම සංවිධානයේ ලේකම් චානක බණ්ඩාර මහතා කියා සිටියේ රනිල් වික්රමසිංහ මහතාට ලබාදී ඇති ගෑස් සිලින්ඩරය ලකුණු පළාත් පාලන මැතිවරණය තමන්ටත් ලබාදී ඇති බවයි.
පළාත් පාලන මැතිවරණය මෙතෙක් නොපැවැත්වුණ බවත් එහි නාම යෝජනා අහෝසි කර නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.
ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයේ ලේකම් කියා සිටින්නේ තමන් එම ලකුණෙන් තරඟ වැදීමට ඇප මුදල් තැන්පත් කර ඇති බැවින් මෙය ගැටළු සහගත බවයි.
“2023 පළාත් පාලන මැතිවරණයට ජන අරගලයේ පුරවැසියෝ විදියට අපිට මැතිවරණයට තරග කරන්න දේශපාලන පක්ෂයක් නැති හින්දා අපි විවිධ දිස්ත්රික්කවලට ස්වාධීන කණ්ඩායම් වශයෙන් අපේ කණ්ඩායම් ඉදිරිපත් කරලා තිබුණා.
ඒ අවස්ථාවේදී මැතිවරණ ලේකම් කාර්යාලය විසින් කළුතර දිස්ත්රික්කයේ අපට තරග කිරීම සඳහා ලබාදීලා තිබුණෙ ගෑස් සිලින්ඩරය ලකුණ. අපේ නාමයෝජනා අවලංගු කරලා නෑ.
අපි ඇප මුදල් බැඳලා තියෙනවා. එතකොට මේ මදුරාවල ප්රාදේශීය සභාව, කළුතර ප්රාදේශීය සභාව, පානදුර නගර සභාව, ප්රානදුර ප්රාදේශීය සභාව කියන ආයතන 4 ට අපි තරග කරන්නෙ ගෑස් සිලින්ඩරය ලකුණින්.
ජනාධිපතිවරණය කැඳෙව්වාට පස්සෙ රනිල් වික්රමසිංහ ස්වාධීන අපේක්ෂයෙක් විදියට ගෑස් සිලින්ඩරය සලකුණ තෝරා අරගෙන තියෙනවා.
අපි මැතිවරණ කොමිසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහත්තයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා රනිල් වික්රමසිංහ වෙත ලබාදී තියෙන ගෑස් සිලින්ඩරය සලකුණ වහාම අහෝසි කරන්න”
එම සංවිධානයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර ඉදිරියේදී අධිකරණ ක්රියාමාර්ග ගැනීමට ද බලාපොරොත්තු වන බවයි.
Leave a Reply