Loading...

අයවැයෙන් පඩි වැඩි කිරීමට ජනපති අනුරගේ අවධානය

ලබන වසරේ පෙබරවාරි හෝ මාර්තු මස වන විට ගෙන එන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව අවධානය යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගය මහ මැතිවරණය වෙනුවෙන් තංගල්ලේදී සංවිධානය කළ පළමු මහ මැතිවරණ රැළියට ඊයේ (19) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

“අපි පෙන්නුම් කරලා තියෙනවා ධෛර්යවන්ත මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නොමැති බව.

ආරම්භක වශයෙන් අපේ ප්‍රබලතම අභියෝගය බවට පත්වෙලා තිබුණේ ආර්ථික ස්ථාවර නියෝජනය කිරීම.

අපි ඉතා කෙටි දවසක් ඇතුළත ජත්‍යාන්තර සංවිධාන එක්ක ඉතා හොඳ, රටට හිතකර පරිදි ගණුදෙනු කරමින් විශ්වාසවන්ත ආර්ථිකයක් නිර්මාණය කළා.

අපි දෙසැම්බරයේ අතුරු සම්මතයක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි, මාර්තු වනවිට අයවැය ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තියෙනවා.

ඒ අයවැය ලේඛණයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩීවිම පිළිබඳව, පාසල් දරුවන්ට ලබාදීය යුතු දීමනාවන් පිළිබඳව අපි අවධානය යොමුකරලා තියෙනවා.

දිලිඳු ජනතාවට, ආබාධිත පුරවැසියන්ට ලබාදෙන දීමනාව අපි සහතික වශයෙන් එළඹෙන අයවැයෙන් වැඩිකරනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *