ඡන්ද පෙට්ටි මාරු කිරීම පිළිබඳව ඇතැම් දේශපාලනඥයින් ප්‍රකාශ නිකුත් කළද එවැනි කිසිඳු අක්‍රමිකතාවක් සිදු නොවන බව මැතිවරණ කොමිසම පවසනවා.
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලිය සහ ඒවා මුද්‍රා තැබීමේ දී අනුගමනය කරන ක්‍රියා පටිපාටිය පිළිබඳව කොමිසම පුළුල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
එම කොමිසම සිය නිවේදනයෙන් සඳහන් කරන්නේ පෙර මැතිවරණවලදී මෙන් මෙවර ඡන්ද පෙට්ටිය් විනිවිද පෙනෙන බෑගයක දමා අගුලු දමා රැගෙන එන බවයි.
තවද ඡන්ද විමසීමෙන් පසුව ඡන්ද පෙට්ටිය මුද්‍රා තැබීමේදී අහඹු ලෙස තෝරාගත් ඡන්ද පොළ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිටපත් හයකින් යුතුව අත්සන් කළ ආකෘතියක මුල් පිටපතද එහි අළවා එක් පිටපතක් ගණන් කිරීමේ ශාලාව වෙත යැවීම සිදු කරනු ලබනවා.
අනෙක් පිටපත් එම අවස්ථාවේදී ඡන්දපොළ නියෝජිතයින් වෙත නිකුත් කිරීමට නියමිතයි.
මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ ඡන්දපොළේ සිට ගණන් කිරීමේ ශාලා පරිශ්‍රය ආසන්නයේ වූ අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින් වාහනයකින් පැමිණීමට අවශ්‍ය යැයි කරනු ලබන ඉල්ලීම්වලට ද ඉඩ ලබා දීමට තීරණය කර ඇති බවයි.








Leave a Reply