සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි තරුණියෙකි.
අදාළ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (20) දිනයේ අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අතුරුගිරිය පොලීසිය වෙත භාර දී ඇති අතර ඇය අද (21) අධිකරණයට කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය 8 වනදා අතුරුගිරිය ප්‍රදේශයේ දී ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙක් සිදුකළ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු දෙදෙනෙක් ඝාතනයට ලක්වුණා.
වෙඩි තැබීමෙන් ගායන ශිල්පීනි කේ. සුජිවා ඇතුළු තවත් සිව් දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් තවදුරටත් රෝහල්ගත ප්‍රතිකාර ලබමින් සිටිනවා.







Leave a Reply