Loading...

බංග්ලාදේශයේ සිටි සිසුන් පිරිසක් අද දිවයිනට

බංග්ලාදේශය තුළ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් උසස් අධ්‍යාපනය සඳහා එරටට ගිය ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ එරට විශ්ව විද්‍යාල 03ක ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙක් පමණ අධ්‍යයන කටයුතුවල නිරත වන බවයි.

බංග්ලාදේශයේ විශ්ව විද්‍යාල සිසුන් විසින් ක්‍රියාත්මක කර ඇති විරෝධතා හේතුවෙන් එරට විශ්ව විද්‍යාල වසා දමා තිබූ අතර ජාත්‍යන්තර සිසුන්ට එරටින් ඉවත් වන මෙන් දැනුම් දීමක් සිදුකර නොතිබීම හේතුවෙන් ලාංකික සිසුන්ට ආරක්ෂිතව නේවාසිකාගාරවල රැඳී සිටීමේ හැකියාවක් ඇති බවද එම අමාත්‍යාංශය පවසනවා.

මේ අතර බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා එම සිසුන් පෞද්ගලිකව හමුවී ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව සොයා බලා ඇති අතර ශ්‍රී ලංකාවට සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලවල පාලනාධිකාරිය සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ආරක්ෂාව සම්බන්ධව සෑහීමකට පත් නොවන්නේ නම් ශ්‍රී ලංකාවට යාමේ හැකියාවක් පවතින බවද මහකොමසාරිස්වරයා එම සිසුන්ට දැනුම් ඇති බවද වාර්තා වනවා.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (21) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බවයි.

බංග්ලාදේශය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 3000ක පමණ පිරිසක් ද රැඳී සිටින අතර ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ මේ දක්වා ගැටළුකාරී තත්ත්වයක් මතුව නොමැති බව වාර්තා වනවා.

මේ අතර විරෝධතා උත්සන්න වීම හේතුවෙන් බංග්ලාදේශය පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉන්දියාව, නේපාලය, භූතානය ඇතුළු රටවල් එරට රැඳී සිටින සිය සිසුන් ඉවත් කරගැනීමට මේ වනවිට කටයුතු කරමින් සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *