Loading...

බලංගොඩ කස්සප හිමියන් ඇතුළු 11 දෙනාට ඇප

රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර භාරයේ පසුවූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පුද්ගලයින් එකොළොස් දෙනෙකු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (26) ඇප මත මුදා හැර තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

අනුරාධපුර රුවන්වැලි සෑය අසල අධිකරණ නියෝග නොතකමින් මාරාන්තික උපවාසයක නිරතව සිටියදී පසුගිය නොවැම්බර් 12 වැනිදා කස්සප හිමියන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *