ඉන්දියානු සාගරයේ මොරිෂස් සහ රියූනියන් (Mauritius / Reunion) කලාපයේ අද (24) පස්වරුවේ රික්ටර් මාපකයේ 6.5ක විශාලත්වයකින් යුත් භූ චලනයක් සිදුව ඇති නමුත්, ඉන් මෙරටට කිසිදු සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
අද පස්වරු 4.36ට පමණ සිදුව ඇති මෙම භූ චලනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් (අක්ෂාංශ 17.78S සහ දේශාංශ 65.82E) හටගෙන ඇති බවයි එම මධ්‍යස්ථානය පස්වරු 5.10ට නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
මෙම භූ චලනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාව මුලින් විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දී තිබුණද, පසුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම භූ චලනය සම්බන්ධයෙන් මෙරටට කිසිදු සුනාමි අවදානමක් නොමැති බවයි.
කෙසේ වෙතත් ඉදිරියේදී නිකුත් කෙරෙන නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, නවතම තොරතුරු සියලු මාධ්‍ය මඟින් ජනතාව වෙත දැනුම් දීමට කටයුතු කරන බවත් ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරනවා.







Leave a Reply