Loading...

2027 අයවැය විවාදය අද සිට ඇරඹේ

ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඊයේ (12) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඊට අදාළ දෙවන වර කියවීමේ විවාදය අද (13) සිට ආරම්භ වනවා.

ඒ අනුව, අද සිට එළඹෙන නොවැම්බර් 20 වැනිදා දක්වා දින 07ක කාලයක් දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු සංවිධානය කර තිබෙනවා.

දෙවන වර කියවීමට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි.

අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක කාලයක් පුරා පැවැත්වෙනවා.

විවාදය අවසානයේ 2027 අයවැය පිළිබඳ අවසාන ඡන්ද විමසීම (තෙවන වර කියවීමේ ඡන්ද විමසීම) දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වෙනු ඇත.

රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ද ඇතුළුව සෑම දිනකම පෙරවරු 9.30ට මෙම අයවැය විවාද වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *