අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස අධිකරණ නියෝග නොතකමින් මාරාන්තික උපවාසයක නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හත්දෙනෙකු නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම පිරිස අතර කස්සප හිමියන්ට අමතරව තවත් ස්වාමීන් වහන්සේලා තුන්නමක් ද සිටින බව පොලිසිය පවසනවා.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, ඔවුන් මානසික වෛද්‍ය පරීක්ෂණයකට මෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයා බැලීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණයකට ද යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් පිරිසක් සමඟ ඇති වූ ගැටුමකින් අනතුරුව, ඊයේ (12) දිනයේදී පොලිසිය විසින් කස්සප හිමියන් ඇතුළු මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවා.







Leave a Reply