කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව එළැඹෙන නොවැම්බර් මස 03 වනදා විවාදයට නොගන්නා බව සභානායක, අමාත්ය බිමල් රත්නායක මහතා පවසනවා.
අමාත්යවරයා පෙන්වා දෙන්නේ අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූල වන පරිදි සංශෝධනය කර ඔක්තෝබර් 28 වනදාට පෙර භාර නොදීම හේතුවෙන් එළැඹෙන නොවැම්බර් 03 වනදා එය විවාදයට ගැනීමට හැකියාවක් නොමැති බවයි.
ඒ අනුව එළැඹෙන නොවැම්බර් 03 වන දින පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් සඳහා වෙන් කර ඇති බව ද සභානායකවරයා සඳහන් කළා.
කෙසේ වෙතත්, ස්ථාවර නියෝගවලට අනුකූල වන පරිදි අදාළ යෝජනාව ලබා දෙන්නේ නම්, ඉදිරි අයවැය කාලසීමාවට පෙර එය විවාදයට ගැනීමට හැකියාව පවතින බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී දැනුම් දුන් බව ද අමාත්ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවා.







Leave a Reply