අහංගම, කතළුව පාලම අසලදී ටිපර් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද (26) සිදුවූ අනතුරකින් පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් සහ මාතර සිට ගාල්ල බලා ධාවනය වූ ටිපර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වනවා.
අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන් සිව්දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ටිපර් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මේ අතර, සිදුවූ මෙම අනතුර හේතුවෙන් ගාල්ල – මාතර ප්රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.







Leave a Reply