රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට නිවසින් ආහාර ලබාගැනීමට අවසර ලබා දී තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේ, මන්ත්‍රීවරයාගේ පාර්ශ්වයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබාදී ඇති බවයි.
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත් බවට වන සැකය මත අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පසුගිය සිකුරාදා නියෝග කළා.
ඒ අනුව, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඔහු රඳවා සිටින වාට්ටුව ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර, දිනකට පුද්ගලයින් තිදෙනෙකුට පමණක් ඔහු හමුවීමට අවසර හිමි වනවා.
මේ අතර, නාමල් රාජපක්ෂ මහතාගේ මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (07) පෙරවරුවේ බන්ධනාගාරය වෙත පැමිණ ඔහුගේ සුවදුක් විමසා තිබෙනවා.
එමෙන්ම, හෙට (08) සිට ලබන 11 වනදා දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීම් සඳහා නාමල් රාජපක්ෂ මහතාට සහභාගී වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය වෙත ලිපියක් යොමු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් වන බව ද වාර්තා වනවා.
නීති අංශ පෙන්වා දෙන්නේ රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටිය ද පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවයි.








Leave a Reply