Loading...

මහ බැංකුව අගෝස්තුවේදී ඩොලර් මිලියන 579ක් මිලදී ගනී

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අගෝස්තු මාසය තුළදී දේශීය වෙළෙඳපොලෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 579ක් මිලදී ගෙන තිබෙනවා.

මහ බැංකු ආර්ථික දර්ශකවලට අනුව මෙරට විදේශ විනිමය සංචිත තත්ත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජූලි මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.6ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

එමෙන්ම 2026 අප්‍රේල් මාසය අවසන් වන විට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 30.53ක් ලෙස සටහන්ව තිබෙනවා.

ඊට දේශීය ණය රුපියල් ට්‍රිලියන 18.85ක් සහ විදේශීය ණය රුපියල් ට්‍රිලියන 11.68ක් ඇතුළත් වන බව ද මහ බැංකු වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *