Loading...

විශ්‍රාමික නිලධාරියෙකුගේ ගෙට පැන තර්ජනය කළ NPP ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

යාපනය, නෙල්ලියාඩි ප්‍රදේශයේ පිහිටි විශ්‍රාමික රජයේ නිලධාරියෙකුගේ නිවසකට බීමත්ව ඇතුළු වී දේපළවලට හානි සිදුකිරීමේ චෝදනා මත වඩමාරච්චි නිරිතදිග ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගනේෂරූබන් ඇතුළු ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු නෙල්ලියාඩි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (30) මධ්‍යම රාත්‍රියට ආසන්න වේලාවක අධික ලෙස මත්පැන් පානය කර සිටි මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ පිරිස නෙල්ලියාඩි නගරයේ පිහිටි අදාළ නිවසට අනිසි ලෙස ඇතුළු වී ඇති බව වාර්තා වනවා.

එහිදී ඔවුන් නිවසේ සවිකර තිබූ CCTV කැමරාවලට හානි සිදුකර බලහත්කාරයෙන් නිවසට ඇතුළු වී ඇති අතර, නිවසේ සිටි පිරිසට මරණ තර්ජන එල්ල කර ඇති බවටද චෝදනා නැඟී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු විසින් 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ කළ පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ නෙල්ලියාඩි පොලිස් නිලධාරීන් අදාළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංකේතවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *