තරුණියක් පැහැරගෙන යමින් සිටි මෝටර් රථයකට නාරාහේන්පිට පොලිස් මාර්ග බාධකයේදී පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
අද (29) දහවල් පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නාරාහේන්පිට පොලිස් කණ්ඩායමක්, අදාළ මාර්ග බාධකයේදී මෝටර් රථය නතර කරන ලෙස අණ කර ඇත.
නමුත් මෝටර් රථය අණ නොතකා ධාවනය කිරීමට උත්සාහ කිරීමත් සමඟ පොලිස් නිලධාරීන් වෙඩි තබා එය නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.
එම අවස්ථාවේදී මෝටර් රථය පැදවූ පුද්ගලයා, පැහැරගෙන යමින් සිටි තරුණිය සහ රථය එම ස්ථානයේම අතහැර පළා ගොස් ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ 26 හැවිරිදි වියේ පසුවන අදාළ තරුණිය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) ආසන්නයේදී මෙලෙස පැහැරගැනීමට ලක්ව ඇති බවයි.
පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.







Leave a Reply