සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල ඒකකයේ කර්මාන්තශාලාව නැවත දැනුම් දෙන තුරු දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කරන්නේ සේවකයින් විසින් සිදුකරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් ආයතනයට සිදුවන මූල්‍යමය අලාභය අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.
පසුගිය 25 වනදා පස්වරු 2.00 සිට සෙවනගල ඒකකයේ සේවකයින් පිරිසක් රාජකාරි කටයුතුවලින් බැහැරව නිෂ්පාදන කටයුතු ආරම්භ නොකිරීමට පියවර ගෙන තිබුණා.
ඒ හේතුවෙන් සිදුවන මූල්‍යමය අලාභය වැළැක්වීම සඳහා පසුගිය 26 සහ 27 යන දෙදින තුළ අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සේවකයින්ට නිවාඩු ලබාදීමට ද පාලනාධිකාරිය කටයුතු කළා.
එමෙන්ම ඊයේ (28) දිනයේ නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලෙස ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා විසින් දැනුම් දී තිබුණ ද, සේවකයින් තවදුරටත් වර්ජනයේ නිරත වීම හේතුවෙන් මෙලෙස කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.







Leave a Reply