Loading...

ලංකාව ආසන්නයේ ඇති ඉරාන නෞකා ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා ඇති බව කියන නෞකා සම්බන්ධයෙන් රජය දැඩි අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ මහතා පවසනවා.

කෙසේ වෙතත් ඔහු සඳහන් කරන්නේ අදාළ නෞකා ශ්‍රී ලංකාවට අනන්‍ය භූමියෙන් පිටත රැඳී සිටින බැවින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කිසිදු වගකීමක් නොමැති බවත්, එම නෞකාවලට මෙරටින් කිසිදු පහසුකම් සැපයීමක් සිදුනොකරන බවත්ය.

ඇමෙරිකාව යොදා ඇති නාවුක බාධකය හේතුවෙන් සිය වරායන් වෙත යාත්‍රා කිරීමට නොහැකිව ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා සිටින බව ‘TankerTrackers’ වෙබ් අඩවිය මීට පෙර වාර්තා කර තිබුණා.

එම පසුබිම හමුවේ ඉරාන ධජය සහිත ඉන්ධන ප්‍රවාහන නෞකා 13ක් සහ සම්බාධක මගහරින නෞකා හෙවත් ‘ෂැඩෝ ෆ්ලීට්’ (Shadow Fleet) නෞකා කිහිපයක් ආරක්ෂාව පතා ශ්‍රී ලංකා සීමාව ආසන්නයේ රැඳී සිටින බව පෙන්වා දෙන එම වෙබ් අඩවිය, අදාළ නෞකා මේ වනවිට ඉන්ධනවලින් තොරව පවතින බව ද සඳහන් කරනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය මාර්තු මාසයේදී අමෙරිකානු සබ්මැරීනයක් විසින් ශ්‍රී ලංකාවේ සිට නාවික සැතපුම් 19ක් දුරින් තිබූ ‘අයිරිෂ් ඩේනා’ නෞකාවට පහරදී ගිල්වා දැමීමේ සිද්ධිය පදනම් කරගනිමින්, දැනට මෙලෙස රැඳී සිටින නෞකාවලට ද ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බවයි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර නීතියට අනුව යම් රටක වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 12ක් දක්වා විහිදෙන භෞමික ජල සීමාව තුළ රැඳීසිටින නෞකාවලට පහර දීමට ඇමෙරිකා එක්සත් ජනපදයට අවසර හිමි නොවන බව ද ‘TankerTrackers’ වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *