Loading...

නිවාඩු දින දෙකේදී අධිවේගී මාර්ගවලින් කෝටි ගණනක ආදායමක්

පසුගිය අගෝස්තු 26 සහ 27 යන නිවාඩු දින දෙක තුළ අධිවේගී මාර්ග භාවිත කළ වාහනවලින් රුපියල් දොළොස් කෝටි හතළිස් පස් ලක්ෂ හැත්තෑ හතර දහස් නවසිය විසිපහක (124,574,925) ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එම දින දෙක තුළ සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය තුළ ධාවනය වී ඇති මුළු වාහන සංඛ්‍යාව 325,316කි.

ඊට අනුව, අගෝස්තු 26 වනදා වාහන 163,763ක් ධාවනය වී ඇති අතර එදින ලබා ඇති ආදායම රුපියල් 60,409,995කි. අගෝස්තු 27 වනදා අධිවේගී මාර්ග භාවිත කළ වාහන 161,553ගෙන් රුපියල් 64,164,930ක ආදායමක් ලැබී තිබෙනවා.

මෙම නිවාඩු දින දෙක තුළ වැඩිම වාහන ගමනාගමනයක් වාර්තා වී ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගය (E01) සහ පිටත වටරවුම් මාර්ගය (E02) ඔස්සේ බව ද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *