Loading...

අම්බලන්ගොඩ පොලීසියේ සිද්ධිය ගැන IGP නියමයෙන් විශේෂ විමර්ශනයක්

අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවක් පිළිබඳව පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ, ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් බාහිර උසස් පොලිස් නිලධාරියෙකුගේ මූලිකත්වයෙන් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වන බව පොලීසිය සඳහන් කළා.

තම පියාට පොලිස් නිලධාරීන් පහර දුන් බව පවසමින් පුද්ගලයෙකු අම්බලන්ගොඩ පොලීසිය තුළ කලහකාරී ලෙස හැසිරෙන ආකාරය අදාළ වීඩියෝවේ දක්නට ලැබුණා.

කෙසේවෙතත්, පොලීසිය පවසන්නේ අදාළ වියපත් පුද්ගලයා ඊයේ (24) රාත්‍රියේ බීමත්ව අශෝබන ලෙස මාර්ගයේ සැරිසැරීම නිසා අත්අඩංගුවට ගත් බවයි. එහිදී පලායාමට උත්සාහ කිරීමේදී ඇදවැටීමෙන් ඔහු තුවාල ලබා ඇති බවද පොලීසිය පවසනවා.

සැකකරු බලපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිරීමෙන් අනතුරුව බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *