Loading...

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් මසදී ශ්‍රී ලංකාවට

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ මෙරට සංචාරය සිදුවන දින වකවානු නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එළැඹෙන සැප්තැම්බර් 09 සහ 10 යන දිනවල මෙම විශේෂ සංචාරය සිදුවන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය වන මෙම සංචාරයේදී, රාජ්නාත් සිං මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා මහතා හමුවී ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ඉන්දු – ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුමේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ප්‍රගතිය පිළිබඳවද මෙම සංචාරයේදී විශේෂ සමාලෝචනයක් සිදුකිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *