අතුරුදන් වූ බවට වාර්තා වූ බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ මළසිරුර මහියංගනය මාපාකඩවැව ප්‍රදේශය අසල ගලක් මත තිබී සොයාගෙන තිබෙනවා.
ඊයේ (23) උදෑසන රෝහලේ රාජකාරියේ නිරතවීමෙන් අනතුරුව අදාළ විශේෂඥ වෛද්‍යවරයා මෙලෙස අතුරුදන්ව තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මීගහකිවුල ප්‍රදේශයේ සවිකර තිබූ CCTV කැමරාවල සටහන්ව තිබුණේ වෛද්‍යවරයාගේ මෝටර් රථය මහියංගනය දෙසට ධාවනය වන ආකාරයයි.
ඒ ඔස්සේ සිදුකළ වැඩිදුර පරීක්ෂාවලදී බදුල්ල – මහියංගනය ඇල මාර්ගයේ 17 කනුව මාපාකඩවැව ප්‍රදේශයේ තිබී වෛද්‍යවරයාගේ මෝටර් රථය ඊයේ රාත්‍රියේදී පොලීසිය විසින් සොයාගනු ලැබුවා.
ඒ අනුව අතුරුදන් වූ වෛද්‍යවරයා සොයා පොලීසිය, අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) සහ යුධ හමුදාව එක්ව අද (24) දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෙවුම් මෙහෙයුමේදීයි ඔහුගේ මළසිරුර මෙලෙස සොයාගෙන ඇත්තේ.







Leave a Reply