අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සංශෝධන යෝජනා කරන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ අනුව, මේ වනවිට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
මෙම පනත් කෙටුම්පත මඟින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට යෝජනා කර තිබෙනවා.
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගත් තීරණයට ආරම්භයේ සිටම විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වූ අතර, ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ජාත්‍යන්තර සංවිධාන කිහිපයක්ද ඊට විරෝධය පළ කර තිබුණා.
එවැනි පසුබිමක අදාළ ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත රජය විසින් පසුගිය 7 වැනිදා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට දින 14ක කාලයක් පවතිනවා.
එලෙස ඉදිරිපත් වන පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව දින 3ත් 21ත් අතර කාලයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතයි.








Leave a Reply