Loading...

දරුවන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනවලට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

මාපියන්, භාරකරුවන් හෝ ගුරුවරුන්ගේ පූර්ව අවසරයකින් තොරව ළමුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම, ඒවා පටිගත කිරීම හෝ ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ජනමාධ්‍ය ආයතන වෙත දැනුම් දී තිබෙනවා.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ළමුන් කිහිපදෙනෙකු විභාගයෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත ලබාදුන් ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සංසරණය වීමත් සමඟ මෙම දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්.

අදාළ ප්‍රකාශ පදනම් කරගනිමින් ඇතැම් පාර්ශ්ව විසින් එම දරුවන් උපහාසයට හා හාස්‍යයට ලක්කරන ආකාරයේ වීඩියෝ සහ සටහන් සමාජ මාධ්‍ය වෙත එක්කර ඇති බවද අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

ඒ අනුව, දරුවන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් සුරැකීම සැලකිල්ලට ගනිමින්, අවසරයකින් තොරව ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම, පටිගත කිරීම හෝ විකාශය කිරීමෙන් වළකින ලෙස අමාත්‍යාංශය අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම ළමුන් සම්බන්ධ වීඩියෝ හෝ ප්‍රකාශ සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම තුළින් ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවලදී අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට හැකි බවටද අධ්‍යාපන අමාත්‍යාංශය අනතුරු අඟවා ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *