අඟුලාන මුහුදු ප්‍රදේශයට ආසන්න මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක්ව තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලැබීමත් සමඟ යාත්‍රාවේ සිටින පිරිස මුදා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කළ බවයි.
මේ අතර, නාවික හමුදාවේ දැනුම්දීමකට අනුව මුදාගැනීමේ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහායද ලබාදී තිබෙනවා.
අනතුරට පත් ඩෝරා යාත්‍රාව නිරීක්ෂණය කිරීම සඳහා එම්.අයි.-17 සහ බෙල් 412 වර්ගයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් යොදවා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
යාත්‍රාවේ සිටින පිරිස සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.







Leave a Reply