Loading...

ට්‍රම්ප්ගේ ඩොලර් මිලියන 400ක බෝල්රූම් ව්‍යාපෘතිය නවතන්න අධිකරණයෙන් නියෝගයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිර පරිශ්‍රයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ දැවැන්ත බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවන ලෙස ෆෙඩරල් අභියාචනාධිකරණයක් නියෝග කර තිබෙනවා.

ධවල මන්දිරයේ නැගෙනහිර කොටසේ ඉදිකිරීමට යෝජිත මෙම ශාලාව වෙනුවෙන් අමෙරිකානු රජය ඩොලර් මිලියන 400ක පමණ මුදලක් වැය කිරීමට සැලසුම් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

වර්ග අඩි 90,000කට ආසන්න ප්‍රමාණයකින් යුතුව ඉදිකිරීමට නියමිතව තිබූ මෙම බෝල්රූම් ශාලාව සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවේදී ජනාධිපතිවරයා ධවල මන්දිරයේ තාවකාලික පදිංචිකරුවෙකු පමණක් බවත්, එහි අයිතිකරු නොවන බවත් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව අධිකරණ අනුමැතියකින් තොරව ධවල මන්දිර පරිශ්‍රයේ සිදුකරන මෙම ඉදිකිරීම් ඉදිරියට ගෙන යාමට නොහැකි වනු ඇති.

කෙසේ වෙතත්, මෙම තීන්දුව සම්බන්ධයෙන් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ට්‍රම්ප් පරිපාලනයට දින 14ක කාලයක් ලබාදී ඇති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *