මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (09) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ, මෙවර විභාගය සඳහා සිසුන් 294,089 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවයි.
ඒ අනුව සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366 දෙනෙකුත්, දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723 දෙනෙකුත් විභාගයට පෙනී සිටීමට නියමිතයි.
විභාගය ආරම්භ වීමට පැයකට පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස දරුවන්ට උපදෙස් ලබාදී ඇති අතර, දෙමාපියන්ට විභාග මධ්‍යස්ථාන තුළට ඇතුළුවීමට අවසර නොමැති බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය අවධාරණය කළා.
හෙට පෙරවරු 9.30ට දෙවන ප්‍රශ්න පත්‍රය ආරම්භ වන අතර එය පෙරවරු 10.45 දක්වා පැවැත්වෙනවා.
අනතුරුව කෙටි විවේකයකින් පසු පෙරවරු 11.15ට පළමු ප්‍රශ්න පත්‍රය ආරම්භ වී දහවල් 12.15 දක්වා පැවැත්වීමට නියමිතයි.
මේ අතර, ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති අගෝස්තු 05 මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
විභාගය අවසන් වන තුරු ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රචාරණ කටයුතු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සිදු කිරීමද තහනම් කර තිබෙනවා.
ප්‍රශ්න පත්‍රයේ සඳහන් උපදෙස් හොඳින් කියවා, නිවැරදි විභාග අංකය සඳහන් කරමින් පැහැදිලි අත්අකුරින් පිළිතුරු සපයන ලෙස සිසුන්ට උපදෙස් ලබාදී ඇති අතර, ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ විභාග ශාලාවට රැගෙන යාමෙන් වළකින ලෙසද දැනුම් දී තිබෙනවා.







Leave a Reply