ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමා සංශෝධනය කිරීම ඇතුළත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර ඇති එම පනත් කෙටුම්පත අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 දක්වාත් සංශෝධනය කර තිබෙනවා.
එමෙන්ම අගවිනිසුරුවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන්ද නව විධිවිධාන ඇතුළත් කර ඇති අතර, වයස අවුරුදු 67 සම්පූර්ණ වන දිනය හෝ අගවිනිසුරු ධුරයට පත්වූ දින සිට වසර 6ක කාලයක් සම්පූර්ණ වන දිනය යන අවස්ථා දෙකෙන් කලින් එළැඹෙන දිනයේදී අගවිනිසුරුවරයා විශ්‍රාම ගත යුතු බව එහි සඳහන් වනවා.







Leave a Reply