අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ගොඩගැසී ඇති නඩු කඩිනමින් අවසන් කිරීමේ අරමුණින් සකස් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
2026 ජූලි 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාදුන් ප්‍රතිපත්තිමය අනුමැතියට අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළ අදාළ පනත් කෙටුම්පත් සඳහා නීතිපතිවරයාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ නිෂ්කාශනය ද මේ වන විට ලැබී ඇති බව රජය නිවේදනය කළා.
ඒ අනුව, කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුව, ව්‍යවස්ථානුකූල ක්‍රියාවලියට අනුව ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට නියමිතයි.
අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම, විනිසුරුවන්ගේ ධුර පද්ධතිය හා අධිකරණ ව්‍යුහය සම්බන්ධ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහ නඩු ගොඩගැසීම අවම කිරීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණු අතර වන බව රජය සඳහන් කළා.
මෙම යෝජනාව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.







Leave a Reply