Loading...

මහර කලබලය පිටුපස සංවිධානාත්මක කුමන්ත්‍රණයක්? – අමාත්‍ය හර්ෂණගෙන් සැකයක්

මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී තත්ත්වය බන්ධනාගාර පද්ධතිය අඩපණ කිරීමේ සංවිධානාත්මක උත්සාහයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැක මතුවන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

අද (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මහර බන්ධනාගාරයේ සිදුවීම මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමට වඩා වෙනස් ස්වභාවයක් ගන්නා බවයි.

මීගමුව බන්ධනාගාරයේ සිදුවීම රැඳවියන් අතර මත්ද්‍රව්‍ය ආශ්‍රිත ගැටුමක් ලෙස හඳුනාගෙන ඇති අතර, මහර සිද්ධිය පාලන තන්ත්‍රයට එරෙහිව එල්ල වූ සංවිධානාත්මක ක්‍රියාවක් විය හැකි බවට සැක කෙරෙන බව ඔහු පෙන්වා දුන්නා.

එකවර රැඳවියන් විශාල පිරිසක් ගිනි තැබීම් සහ දේපළ විනාශ කිරීම්වලට සම්බන්ධ වීම සැලසුම් සහගත ක්‍රියාවක් බවට සැක කරන බවත්, එවැනි කුමන්ත්‍රණයක් අනාවරණය වුවහොත් ඊට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කළා.

මෙවැනි සිදුවීම් තවත් බන්ධනාගාර කිහිපයකට ව්‍යාප්ත විය හැකි බවට ද තොරතුරු ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් දැනුවත් කර අවශ්‍ය ආරක්ෂක සහ සම්බන්ධීකරණ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් පැවැත්වීම සඳහා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍ය ආනන්ද විජයපාල මහතා, අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්, පොලීසිය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් ඇතුළත් විශේෂ කමිටුවක් ද පත් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *