Loading...

රාගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය

මහර බන්ධනාගාරයේ අද (01) ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ රාගම පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

පොලීසිය නිවේදනය කළේ, නැවත දැනුම් දෙන තුරු රාගම පොලිස් බල ප්‍රදේශය තුළ ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි.

මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව පාලනය කිරීම සහ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ද පොලීසිය සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *