දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයට සමගාමීව අද (28) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කාවඩි නර්තන කණ්ඩායම් කිහිපයක සාමාජිකයින් පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, පෙරහැරේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.
මෙවර පෙරහැර වෙනුවෙන් පොලිසිය, විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් 1,500කට ආසන්න පිරිසක් යොදවා ඇති අතර, පෙරහැරට එක්වන සියලු කාවඩි කණ්ඩායම් දැඩි ආරක්ෂක පරීක්ෂාවන්ට ලක් කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
කාවඩි කණ්ඩායම් සහභාගී කරවීම සම්බන්ධයෙන් පාතාල කණ්ඩායම් නායකයන් දෙදෙනෙකු අතර මතුවූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් දේවාලය ආසන්න නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ කාවඩි නර්තනය තාවකාලිකව නතර කරන ලෙස පොලිස්පතිවරයා පසුගියදා නිර්දේශ කර තිබුණා.
කෙසේ වෙතත්, ඊයේ (27) මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී පසුගිය වසරවල සහභාගී වූ සියලු කාවඩි කණ්ඩායම්වලට මෙවරත් පෙරහැරට එක්වීමට අවසර ලබාදීමට තීරණය කෙරුණා.
ඒ අනුව, දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ දෙවිනුවර වාර්ෂික පෙරහැර අද (28) පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතයි.








Leave a Reply