මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 83,000 සීමාවට ආසන්න වී තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඊයේ (27) වන විට ඩෙංගු රෝගීන් 82,838 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
ජූලි මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 27,464 දෙනෙකු හඳුනාගෙන ඇති බවද එම ඒකකය පවසනවා.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එය සමස්ත රෝගීන්ගෙන් සියයට 21.25ක් වනවා.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,457 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,685 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
මේ වන විට ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 61ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.







Leave a Reply