Loading...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ, අද (27) පැවති කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය ලබාදී ඇති බවයි.

ඒ අනුව, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත් දීර්ඝ කිරීමට රජය අපේක්ෂා කරනවා.

කෙසේ වෙතත්, මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි විරෝධය පළ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් නීතිඥ සංගමය සඳහන් කළේ, මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් අට දෙනෙකුගේ පුරප්පාඩු පවතින බවයි.

එම පුරප්පාඩු පිරවීම දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද කර ඇති පසුබිමක විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා පියවර ගැනීම සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුවන බවද නීතිඥ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *