මෙරට දෙමළ භාෂාව කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස දෙමළ කතාකරන දේශපාලන පක්ෂ හයක් ඒකාබද්ධ ඉල්ලීමක් කර තිබෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති විශේෂ හමුවකින් අනතුරුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර, ඊට ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK), ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC), සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය (ACMC), ලංකා කම්කරු කොංග්‍රසය (CWC), දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA) සහ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA) යන පක්ෂ එක්ව සිටිනවා.
සිය අනන්‍ය දේශපාලන ප්‍රතිපත්ති වෙන වෙනම පවත්වාගෙන යමින්, දෙමළ කතාකරන ජනතාවගේ අයිතිවාසිකම්, ඉඩම් ගැටලු, පළාත් සභා මැතිවරණය ඇතුළු ජාතික වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙන් පොදු වේදිකාවක් යටතේ කටයුතු කිරීමට එම පක්ෂ එකඟත්වයට පැමිණ ඇති බවද සඳහන්.
ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව හමුවී ද එම කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට අදාළ පක්ෂ නියෝජිතයන් සැලසුම් කර තිබෙනවා.







Leave a Reply