අමෙරිකාව ශ්‍රී ලංකාව ඇතුළු සිය වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10% සහ 12.5% නව ආනයන බදු පැනවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 17කින් අමෙරිකාවට ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා 10%ක ආනයන බද්දක් පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම කාණ්ඩයට ආර්ජන්ටිනාව, බංග්ලාදේශය, කාම්බෝජය, කැනඩාව, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ග්වාතමාලාව, හොන්ඩුරාස්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජෝර්දානය, මැලේසියාව, මෙක්සිකෝව, පාකිස්තානය, එක්සත් රාජධානිය සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ද අයත් වනවා.
එමෙන්ම යුරෝපා සංගමයෙන් සහ තායිවානයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ද 10%ක බද්ද අදාළ වන බව සඳහන්.
මේ අතර ඇල්ජීරියාව, ඇන්ගෝලාව, ඔස්ට්‍රේලියාව, බහමාස්, බහරේන්, බ්‍රසීලය, චිලී, චීනය, කොලොම්බියාව, කොස්ටාරිකාව, ඩොමිනිකන් ජනරජය, ඊජිප්තුව, ගයනාව, හොංකොං, ඉරාකය, ඊශ්‍රායලය, ජපානය, කසකස්තානය, කුවේට්, ලිබියාව, මොරොක්කෝව, නවසීලන්තය, නිකරගුවාව, නයිජීරියාව, නෝර්වේ, ඕමානය, පේරු, පිලිපීනය, කටාර්, රුසියාව, සෞදි අරාබිය, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උරුගුවේ, වෙනිසියුලාව සහ වියට්නාමය යන රටවලින් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා 12.5%ක බද්දක් පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා.
මෙම නව බදු ප්‍රතිපත්තිය හඳුන්වාදීමට ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ, අදාළ රටවල බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිපදවන භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා පවතින නීති ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක නොවීම සහ ඒ සම්බන්ධයෙන් පවතින ලිහිල් ප්රතිපත්තියයි.







Leave a Reply