Loading...

බන්ධනාගාර සිද්ධිය ගැන හොයන විශේෂ කමිටුවට කැබිනට් අනුමැතිය

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අද (06) රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

අදාළ සිද්ධියට හේතු වූ කරුණු, ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සහ මෙවැනි සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් රජයට ඉදිරිපත් කිරීම එම කමිටුවට පැවරී ඇති වගකීමයි.

කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පත් කර ඇති අතර, විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල් සහ ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා හා ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා සෙසු සාමාජිකයන් ලෙස නම් කර තිබෙනවා.

මෙම කමිටුව මගින් සිද්ධියට අදාළ සියලු කරුණු පුළුල් ලෙස විමර්ශනය කර, නිර්දේශ සහිත සම්පූර්ණ වාර්තාවක් රජයට භාරදීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *