අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන් දෙනා එළැඹෙන ජුලි 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියම කළා.
අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නඩුව අද (03) කැඳවනු ලැබුවා.
මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම සැකකරුවන් ඇප ලබාදීමට සුවිශේෂී කරුණු ඉදිරිපත් කර නොමැති බැවින් ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.






Leave a Reply