ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඉහළ දායකත්වයක් ලබාදීමට චීනය සුදානම් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරයට එක්වෙමින්.
චීනයේ කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 105 වැනි සංවත්සරය නිමිත්තෙන් විශේෂ උත්සවයක් ඊයේ (01) කොළඹදී පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම උත්සවය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස, ටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්, වත්මන් රජයේ මෙන්ම හිටපු මැති ඇමතිවරුන් ඇතුළු මෙරට දේශපාලන ක්ෂේත්රයේ විශාල පිරිසක් ඊට එක්ව සිටියා.
මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතා,
“චීන ජනාධිපති ෂී ජින්පින් සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අතර පැවති සාර්ථක සාකච්ඡාවෙන් පසු චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවල නව සැලැසුමක් සකස් කෙරුණා. දෙරට දේශපාලන පක්ෂ අතර සහයෝගීතාව චීන – ශ්‍රී ලංකා සහයෝගීතාවයේ වැදගත් අංගයක්. චීන කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ සමග එවැනි සබඳතා ගොඩනගා ගැනීමට කැමැත්තෙන් සිටිනවා. දෙරට අතර සබඳතා ශක්තිමත් කරගන්නා අතර දිළිඳුකම තුරන් කිරීමට කැපවීම සහ ඩිජිටල් නගර ඉදිකිරීමට දායකවන්න චීනය කටයුතු කරනවා. චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇතිකරගත් එකඟතාවන් ක්‍රියාවට නංවමින් මෙරට සංවර්ධනය උදෙසා ඉහළ දායකත්වයක් ලබාදීමට චීනය සූදානම්.”







Leave a Reply