Loading...

සුගීෂ්වරගේ සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභයගෙනුත් ප්‍රකාශ සටහන් කරගනී

සුගීෂ්වර බණ්ඩාර ජුලි 08 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම තීන්දුව ලබාදී ඇත්තේ කොටුව මහේස්ත්‍රාක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳව නියෝගය ලබන 08 වනදා ප්‍රකාශයට පත් කරන බවද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පැවසුවේ එදින තෙක් සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන බවයි.

මෙම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙන බවද මෙහිදී මධ්‍යම අපරාධ විමර්ශන අංශය අධිකරණය හමුවේ දැනුම් දෙනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *