Loading...

සලේ උපවාසය අත්හරී

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කළ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා, නීතිඥ උපදෙස් අනුව එය නතර කිරීමට තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත්, උපවාසය ආරම්භ කිරීමෙන් පසු රෝහල්ගත කෙරුණු ඔහු මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔහු පසුගිය පෙබරවාරි මස 25 වනදා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන්පසුව සලේ මහතාව පැය 72ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් ආරම්භ කෙරුණා.

තමා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඉවත් කරන ලෙසත්, තමන් රඳවා සිටින ස්ථානය වෙනස් කරන ලෙසත් ඉල්ලමින් සුරේෂ් සලේ මහතා පසුගියදා ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කළා.

එම උපවාසය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහී ගිය අතර, පසුගිය ජුනි 27 වැනිදා හෘදයාබාධ තත්ත්වයකට ලක්විය.

අනතුරුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර, මේ වනවිට හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *