බොලිවුඩයේ රන් ස්වරය ලෙස හැඳින්වෙන ප්‍රවීණ ඉන්දීය ගයන ශිල්පී ආශා බෝස්ලේ අද (12) පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.
හෘදයාබාධයක් හේතුවෙන් රෝහලේ ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස අභාවප්‍රාප්ත වුණා.
මියයන විට අවුරුදු 92 වියේ පසු වුණා.
ඇය දශක 8කට වැඩි කාලයක් සිය මධුර නාදයෙන් ලොවම නැල වීමට සමත් වුණා.
භාරතයේ ගීත කෝකිලාව වන ලතා මංගේෂ්කර්ගේ සොයුරිය වන ආශා බෝස්ලේගේ 1933 වසරේ සැප්තැම්බර් මස 8 වඳ ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ සංගිල් නුවරදී උපත ලැබුවා.
ඇය සිය සිනමා පසුබිම් සංගීතය 1948 වසරේ දී අවතීර්ණය වුණේ චුනාරියා චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළ සාවන් අයයා ගීතයෙනි.
මේ දක්වා ඇය ගායනා කර ඇති ගීත ගණන 11000කි.
ඒ අතරින් දම් මරෝ දම්.. චුරාලියා හේ තුම්නේ ජෝ ඩිල් කෝ.. පියා තූ අබ් තෝ ආජා.. ඉන් ආකෝන්කී මස්තී,, ඩිල් චීස් ක්‍යා හේ,, ඕ මෙරේ සෝ නාරේ.. රන්ගීලාරේ.. ලොවක් වසඟ ගීත කිහිපයක් අතරට අයත් වනවා.
හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව ලෙස ජාතික සම්මාන දෙකක් ෆිල්ම් ෆෙයාර් සම්මාන 7ක් ඇතුළුව සම්මාන විශාල ප්‍රමාණයකින් ආශා බෝස්ලේ පිදුම් ලබා තිබෙනවා.
ඇය දෙවරක් ග්‍රැමි සම්මාන වෙනුවෙන් නිර්දේශ වුණා.
ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ ගෞරවනීය සම්මාන වන දාදා සහබ් ෆාල්කේ සම්මානය 2000 වසරේ දී ඇය පිදුම් ලැබුවා.
2008 වසරේ දී ඉන්දීය රජය විසින් ඇයට දෙවන ඉහළම සිවිල් ගෞරව නාමය වන පද්ම විභූෂණ සම්මාන පිරිනමනු ලැබුවා.
ගිනස් ලෝක වාර්තා පොතේ 2011 වසරේ වැඩිම ගීත ගණනක් පිටිගත කළ ගායන ශිල්පිනිය ඇය සිය නාමය සනිටුවන් කළා.
ඇය හින්දි ගීතවලට අමතරව ඇය සිංහල ගීත කිහිපයක්ම සිය මධුර ස්වරයෙන් ගීතවත් කරනු ලැබුවා.
ඊට අමතරව මරාති, තෙලිඟු, බෙංගාලි වැනි භාෂා 20කට අධික ගණනකින් ඇය ගීත ගායනා කර තිබීම විශේෂත්වයකි.
මේ අතර ප්‍රවීණ ඉන්දීය ගයන ශිල්පී ආශා බෝස්ලේගේ අභාවය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඇතුළු රාජ්‍ය නායකයින්, කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් සිය සංවේගය පළකර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඇගේ දේහය අද (12) රාත්‍රියේ මුම්බායි නුවර පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කරන බවයි.
මහජනතාවට අවසන් ගෞරව දැක්වීමට හෙට (13) උදෑසන 11 සිට හැකියාව ලැබෙනවා.
දේහය පිළිබඳව අවසන් කටයුතු හෙට (13) 4ට මුම්බායි හි ශිවාජි පාර්ක් ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතයි.







Leave a Reply