මේ මස අවසානයේ ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙක් යළිත් වතාවක් මාරු කිරීමේ සුදානමක් ඇති බව වාර්තා වනවා.
දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ දැනට වයඹ පළාත නියෝජනය කරන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට නියමිත බවයි.
ඔහුගෙන් හිස්වන වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය නසීර් අහමඩ් මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා.
තවද මේ වන විට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන විලී ගමගේ මහතා මේ මස අවසානයේ විශ්‍රාම යෑමට නියමිත ඇති බවයි වැඩිදුරටත් වාර්තා වනවා.







Leave a Reply