Loading...

,

අගමැතිනිය ලබන මස චීනයේ නිල සංචාරයක

චීනය සමඟ තිබෙන සබඳතාවල කිසිඳු පලුදුවිමක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ මහතා පවසනවා.

BBC සිංහල සේවය කළ විමසීමකට ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

ඒ මහතා පවසන්නේ අගමැතිනි හරිනි අමරසූරිය ලබන මසදී චීනයේ නිල සංචාරයක යෙදීමට නියමිත බවයි.

ෂැංහයි සහයෝගිතා සමුළුවට ආරාධනාක් නොලැබුණු බවත්, එහි නොගියේ ආරාධනාවක් නොලැබුණු බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

“චීනය කාලෙන් කාලෙට ඔවුන්ගේ උපාය මාර්ගික සබඳතා අලුත් කර ගන්නවා විවිධ රටවල් එක්ක. අපි එක්ක කොහොමත් හොඳ සබඳතා පවත්වන නිසා ඔවුන් මේ සමුළුවට වෙනත් රටවලට ආරාධනා කරන්න ඇති.මේ අතර, මාධ්‍යවේදී නීතිඥ ආචාර්ය විරංජන හේරත් මහතා සිය ෆේස්බුක් සටහනේ මෙසේ සටහනක් තබා තිබිණි.

මට හිතෙන විදිහට නම්, මේ වෙලාවෙ කරකවල අතඇරල තියන ගෝලීය දේශපාලනය ඇතුළෙ අපි වගේ හුංඩු රටවලට දුවන්න වෙන්නෙ එදා වේල මෙතඩ් එකකින් මිසක් මැදට හරි එක පැත්තකට හරි ලයින් වුණු විදේශ ප්‍රතිපත්තියක නෙමෙයි.’’


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *