හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීයි.
සිය ධූර කාලයේ දී හිටපු ජනාධිපතිවරයා රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වූ මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මියගේ උපාධි ප්රදානෝත්සවයක් සඳහා සහභාගී වීමට ලන්ඩනයට යාම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
එයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්රාත් අධිකරණයට කරුණු දක්වනු ලැබුවෙ පසුගිය ජුනි 24 වනදායි.
පසුව එම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැන්ඩ්රා පෙරේරා මහත්මියගෙන් සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශ සටහන් කර ගනු ලැබුවා.
මෙවැනි වාතාවරණයක එම විමර්ශනයට අදාළව ප්රකාශ ලබා ගැනීමට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා තිබූ අතර පෙරවරු 9ට පමණ ඔහු එම ස්ථානයට පැමිණියා.








Leave a Reply