අගමැතිනියගේ පෙරගමන් රාජකාරියේ යොදවා තිබූ අගමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත යතුරුපැදියක් අනතුරට ලක්කළ බවට පැවසෙන 17 හැවිරිදි සිසුවෙකු ඇහැලියගොඩ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රදර්ශනයක් සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පසුගිය 15 වැනිදා රත්නපුර දක්වා පැමිණ ඇති අතර අග්‍රාමාත්‍යවරියගේ පෙර ගමන් රථයක් වශයෙන් පොලිස් යතුරුපැදියක් ද ධාවනය කර ඇති බව සඳහන්.
එම පෙරගමන් රථය ඇහැලියගොඩ මෝරගල ප්‍රදේශයේ දී ඉදිරියෙන් පැමිණි තවත් යතුරු පැදියක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.
මේ සම්බන්ධව සිදුකළ විමර්ශනවලට අදාළව අනතුර සිදුකළ යතුරු පැදියේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.
ඔහුට වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති බවත් අනතුරට ලක්කළ යතුරු පැදියද ලියාපදිංචි කර නොමැති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අදාළ යතුරුපැදිය මිලදී ගෙන දින දෙකක් වන අතර එහි ලියාපදිංචි කටයුතු සිදුව නොමැති බවද පොලීසිය සඳහන් කළා.
ආරක්ෂක නිලධාරීන් ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීන් දෙදෙනා සහ අනතුර සිදුකළ රියදුරු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
පොලීසිය පැවසුවේ වලංගු රියැදුරු බලපත්‍රයක් නැතිව රිය පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම හා ලියාපදිංචියකින් තොරව වාහන පැදවීම යන චෝදනා මත සැකකාර සිසුවාට එරෙහිව නඩු පැවරීමට නියමිත බවයි.








Leave a Reply