මීට පෙර නොදුටු අන්දමට ඊලඟ ජනාධිපති පිළිබඳව විශාල සංවාදයක් ගොඩනැගී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (30) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීයි.
”ඇත්තටම ලංකාවේ දේශපාලනය ආපස්සට කියවගෙන කියවගෙන යද්දී අතීතයට සාපේක්ෂව ඉතාම මෑත කාලීන දේශපාලන ප්රවණතාවන්ට සාපේක්ෂව බැලුවහම අපි මීට පෙර කවදාවත්ම දැකපු නැති තරමේ රටේ ඊළඟ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ලොකු සංවාදයක් ජාතික තලයේ දැන් ක්‍රියාත්මක වෙලා තියෙනවා.
ඔබට ඇහෙනවද කිසිම තැනක ඊළඟ සැරේ ජනාධිපති අනුර කුමාර දිසානායක කියල කවුරුහරි කියනවා.
අවම වශයෙන් ප්‍රධාන විපක්ෂය ඊළඟ ආණ්ඩුව ගනියි කියල කවුරුහරි කියනවා ඔබට ඇහිලා තියෙනවද? හැබැයි නාමල් රාජපක්ෂ ඊළඟ ජනාධිපති කියන සංවාදය අපි හදපු එකක් නෙවෙයි ස්වාභාවිකව එවැනි සංවාදයක් රට ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවා.
එය කවුරුන් විසින් හෝ කෘතිමව නිර්මාණය කළ එකක් නෙවෙයි ඒක ස්වභාවික ලෙස ගොඩනැගිච්ච සමාජ මතයක්”








Leave a Reply